Home » Genres » Thriller

Thriller

Julia’s Eyes (2010) Sinhala Subtitle

එක ලඟ ඉංග්‍රීසි චිත්‍රපට දෙකකට සබ් දීපු හින්ද  හිතුණ ස්පාඤ්ඤ චිත්‍රපටයකට සබ් දෙන්න.ඇත්තටම කිව්වොත් මේක කරන්න පටන්ගත්තෙ ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට කලින් වුණත් ඩොක්ට ස්ට්‍රේන්ජ් එකේ හොඳ ප්‍රින්ට් එකක් ආපු නිසා මේක ටිකකට නවත්තල ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට සබ් දුන්නා.ඒ වගේම මතක් කරන්න ඕනෙ Subz LK අඩවියෙ හැමදෙනාවමත්,දෙපාරක් නොහිතා මාව මේ අඩවියට සම්බන්ධ කරගත්ත දමිත් ප්‍රියංකරව සහ වැඩිපුරම මාත් එක්ක ගණුදෙනු කරන …

Read More »

Broken Arrow (1996) Sinhala Subtitle

සුබ දවසක් යාළුවනේ.ඉතිං මේ තමයි මගෙ තුන්වෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒ තමයි “Broken Arrow”කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැප්ටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් …

Read More »

The Last Castle (2001) Sinhala Subtitle

මේක මගේ දෙවෙනි උපසිරසිය.Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.මෙම චිත්‍ර‍පටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්.චිත්‍ර‍පටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අදී ආරක්‍ෂිත හමුදා කදවුරකට මාරු කර එවනු ලබයි… ඔහුට මෙහෙයුමේ දී ලබාදුන්  අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් පහත හෙලු ජනරාල් වරයෙක් සිරගෙදර පාලක වන කර්නල් වික්ටර් කිසිම යුධමය අත්දැකිමක් නොමැති පරිපාලන නිලධාරියෙක්. කර්නල් වික්ටර් විසින් ගෙනයනු ලබන කෘර පාලනය නිසා හමුදා සිරකරුවන් දැඩි අසිරුතාවකට පත්වනවා… ජනරාල් ඉර්වින් සාමකාමිව සිරගෙදර ජිවත් වීමට පැමිනියද කර්නල් වික්ටර්ගේ සාහසික බවින් සිරකරුවෙක් මිය යාමෙන් ජනරාල් ඉර්වින්ගේ සාමකාමි ජිවිතය අවසන් වනවා. අවසානයේ දී සිරගෙදර පාලකයාව තනතුරින් ඉවත් කිරීම සඳහා සිරකරුවන් විසින් වෙනම මෙහෙයුමක් ආරම්භ කරන අතර එයට නායකත්වය දෙනු ලබන්නේ ජනරාල් ඉර්වින් විසිනුයි.යුධ මෙහයුමකට නොදෙවිනි වන මෙහෙයුමකින් අනතුරුව හමුදා සිරකරුවන්ට මෙම කුරිරු පාලකයා වෙනස් කල හැකි වේද? බලලම තිරනය කරන්නකෝ… Spoiler Warning : The Last Castle is a 2001 American action drama film directed by Rod Lurie, starring Robert Redford, James …

Read More »

Conspiracy Of Faith (2016) Sinhala Subtitle

මම කලින් වතාවක දීපු Keeper of the lost causes (2013) කියන ඩෙන්මාර්ක චිත්‍රපටය මතක ඇතිනෙ කට්ටියට. ඔන්න මේ වතාවෙ අරගෙන එන්නෙ චිත්‍රපට තුනකින් සමන්විත ඒ චිත්‍රපට මාලාවෙ තුන්වැන්න. හිතාහිටියෙ මේකෙ දෙවෙනි චිත්‍රපටයෙ සබ් දෙන්න වුනත් ඒකෙ හරියාකාර ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුනා. කට්ටිය පළවෙනි එක බලල තියන නිසාත්, කතා එකකට එකක් සම්බන්ධ නැති නිසාත් ( හැබැයි බලල තියනම් ලේසියි) තුන්වෙනි එකට …

Read More »

The Tunnel (2016) Sinhala Subtitle

කොරියානු චිත්‍රපටවලට කැමති අයට ඔන්නකොරියානු චිත්‍රපටයක් ගෙනාවා. මෙය මේ වසරේ තිරගත වුන චිත්‍රපටයක් වගේම වසරේ හොඳම කොරියානු චිත්‍රපටය ලෙස සම්මානයකුත් දිනාගෙන තියනවා. අධ්‍යක්ෂණය Seong- hun -kim . IMDB අගය 6.9ක් ලබාගන්නටත් මෙම සිනමාපටය සමත්වී තිබෙනවා. දැන් යමු කතාව පැත්තට… අපි ගමනක් යද්දි පාලම්, උමං මාර්ග වැනි විවිධාකාර ඉදිකිරීම් මතින් ගමන් කරනවා, ඒ ඒවා නිවැරදිව ගොඩනගා ඇතැයි කියන විශ්වාසය මත, ඒත් …

Read More »

Hacker (2015) Sinhala Subtitle

ටික දවසක නිහැඬියාවකින් පස්සෙ ඔන්න ආයිත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක කැනේඩියානු චිත්‍රපටයක්. IMDB අගය 6.3ක්ල බාගන්නත් සමත් වෙලා තියනවා. අයත් වෙන්නේ අපරාධ/ නාට්‍යමය ඝනයට. තිරගත වුණේ මේ වසරේ.හැකර්… පහුගිය දවස්වලනම් අපේ රටෙත් ගොඩක් කතාබහට ලක් වුනානේ ජනපතිතුමන්ගේ වෙබ් අඩවිය හැක් කිරීම නිසා. ඒ වගේම එය සිදුකල පාසල් සිසුවාට සහනයක් හිමිවීමත් සතුටට කාරණයක්. නමුත් ලෝකයේ බොහොමයක් රටවල මෙය දැඩි දඬුවම් ලැබියහැකි …

Read More »

The Sentinel (2006) Sinhala Subtitle

ඔන්න තවත් හොලිවුඩ් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක අපේ කවීශ සහෝදරයගෙ ඉල්ලීමක්, ඉතිං ඔන්න ඒක ඉටුකලා. කවීශට බොහොම ස්තූතියි මේක මට බාර දුන්නට. දැන් චිත්‍රපටිය පැත්තට යමු.මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ 2006 වර්ෂයේ IMDB අගය 6.1ක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ ක්ලාක් ජොන්සන්. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ මයිකල් ඩග්ලස්, කීෆර් සදර්ලන්ඩ්, ඊවා ලොන්ගෝරියා සහ කිම් බෙසින්ගර්. …

Read More »

The Silenced (2015) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නේ හොරර් මිස්ටරි ඝනයට අයිති වෙන කොරියානු චිත්‍රපටයක්.මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නේ 5.7ක්. දකුණු කොරියානු ග්‍රෑන්ඩ් බෙල් සම්මාන උළෙලේදි හොඳම ආලෝකකරණයට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා.ඒ වගේම සම්මාන උළෙල දෙකකදී හොඳම නවක නිළියට හිමි සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනවා.කතාව දිවෙන්නේ වර්ෂ 1938 දකුණු කොරියාවේ සියෝල් නුවර ආසන්නයේ තිබෙන බාලිකා ශාරීරික සුවතා පාසලක් වටා. මේ පාසල නේවාසික …

Read More »

Insomnia (2002) Sinhala Subtitle

මේ වතාවේ අරගෙන එන්නේ තවත් ඉහලහොලිවුඩ් සිනමා නිර්මාණයක්. තිරගත වුනේ2002 වසරේ . IMDB අගය 7.2ක් , rotten tomatos අගය 92%ක් ඉතිං හිතාගන්න පුළුවන්නේ.ඒ වගේම සම්මාන 1ක් දිනාගෙන තවත් 10කට නිර්දේශ වෙලා තියනවා. අධ්‍යක්ෂණය ඩාක් නයිට්, ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර් වගේ සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය කල ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්. රංගන ශිල්පීන් ගැන කිව්වොත් ඇකඩමි සම්මානලාභින් වන අල් පැචීනො, රොබින්-විලියම්ස්, හිලරි ස්වාන්ක් සමඟ මාටින් ඩොනවන් තමයි …

Read More »

The Keeper of Lost Causes (2013) Sinhala Subtitle

මේ වතාවේ අරගෙන එන්නෙ 2013 වසරෙ තිරගත වුනු ඩෙන්මාර්ක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පළමුවැන්න වගේම IMDBහි 7.2ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. තව සම්මාන 2ක් ලබා තවත් 19කට නිර්දේශවූවක්. කතාව ගැන කිව්වොත් මෙහෙමයි…කාල් කියන්නෙ පොලිස් ඩෙන්මාර්ක පොලිස් නිලධාරියෙක් ඒ වගේම බොහොම හිතුවක්කාර පුද්ගලයෙක්. ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා ඔහුටත් වෙඩි වැදී ඔහුගේ සගයන් දෙදෙනාගෙන් අයෙක් මියගිහින් අනිත් කෙනා සදාකාලික ආබාධිතයෙක් වෙනවා. …

Read More »